Home » කාන්තාව සවිබල ගැන්වීමට සහාය දෙන බව එ. ජා. ජනගහන අරමුදල කියයි

කාන්තාව සවිබල ගැන්වීමට සහාය දෙන බව එ. ජා. ජනගහන අරමුදල කියයි

by chanaka
November 1, 2024 3:02 pm 0 comment

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා සදහන් කළේය.

මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන්ගේ ආර්ථික කටයුතු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා පෝෂණය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය.

අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගිත්වය සතුටුදායක මට්ටමක පවතින අතරම, තීරණ ගැනීමේ භූමිකාවන්හි ඔවුන්ගේ මැදිහත්වීම වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ශ්‍රී ලංකාවේ UNFPA නියෝජනය කරමින් හවුල්කාරිත්ව සහ උපදේශන විශ්ලේෂක අනුෂිකා අමරසිංහ, ජාතික වැඩසටහන් විශ්ලේෂක – ස්ත්‍රී පුරුෂ සමාජභාවය/GBV බිමලී අමරසේකර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT