Home » පෝස්ටර් ඇලවූවැයි අපේක්ෂකයෝ 6ක් ආධාරකරුවෝ 151ක් පොලිස් අත්අඩංගුවේ

පෝස්ටර් ඇලවූවැයි අපේක්ෂකයෝ 6ක් ආධාරකරුවෝ 151ක් පොලිස් අත්අඩංගුවේ

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවීමට ගිය අපේක්ෂකයන් 6 දෙනකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් 151 දෙනකු ඊයේ (31) වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ හැරුණු කොට නීති විරෝධි මැතිවරණ ක්‍රියා සඳහා යොදාගත් වාහන 30ක්ද පොලිස් භාරයට ගෙන ඇත. වැටලීම් 64කදී මේ පිරිස සහ වාහන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ප්‍රකාශ කළේය.

නීති විරෝධි පෝස්ටර් ඇලවීම් රුපියල් 50,000 දක්වා උපරිමයක් දක්වා දඩයක් මෙන්ම මසකට නොවැඩි සිර දඬුවමක් නියම කළ හැකි වරදක් බවත්, අත්අඩංගුවට පත් සැකකරුවන් සියලු දෙනා අධිකරණට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් අසංක කරවිට මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT