Home » කරාපිටියේ දොස්තරලා 95ක් රට ගිහින්

කරාපිටියේ දොස්තරලා 95ක් රට ගිහින්

විශේෂඥ වෛද්‍යවරු 15කුත් ඒ අතර

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරු 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සිට මේ දක්වා කාලය තුළදී විදේශගතව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පි.යූ.එම්. රංග මහතා පවසයි.

වැටුප් ප්‍රශ්න හා විවිධ ගැටලු නිසා මේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු විදේශගතව ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ හා ළමා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ද හෙතෙම කියා සිටියි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතිය ද රෝගී සත්කාරක සේවා අඩාළ නොවන අයුරින් අවශ්‍ය කළමනාකරණ කටයුතු සිදු කරමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT