Home » පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර බෙදාගත් දිගුකාලීන සබඳතාවලට අගමැතිනිය කෘතඥතාව පළ කරයි

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර බෙදාගත් දිගුකාලීන සබඳතාවලට අගමැතිනිය කෘතඥතාව පළ කරයි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර බෙදා හදාගත් දිගුකාලීන සහ සුහද සබඳතාවලට සිය කෘතඥතාව පළ කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය පැවැසූවාය.

පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ අගමැතිනිය අතර අගමැති කාර්යාලයේ පැවැති හමුවේ දී අගමැති හරිනි අමරසූරිය මෙණවිය එසේ සඳහන් කළාය.

මේ හමුවේදී, ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අගමැතිනිය අවධාරණය කළාය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල මේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව නායකයන් දෙදෙනාගේම අවධානය යොමු විය.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියාවේ සහ SAARC අංශයේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT