නිධානයකින් ලබා ගත් බවට සැක කරන මැණික් ගල් 04ක්, රුපියල් ලක්ෂ 125කට විකිණීම සඳහා ළඟ තබා ගත් දේවාලයක කපුවෙකු කූරිකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කේ.පී.ජී. දිලාන් මදුරංග මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමට හැකි විය.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 49 වයසැති වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ පදිංචි දේවාලයක් පවත්වා ගෙන යන කපුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු ළඟ තිබූ මැණික් ගල් 04 පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු හා නඩු භාණ්ඩ අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නුංගමුව පොලිසියට භාර දී ඇත.