Home » ගාලු කොටුවේ රෑම්පාට් වීදියෙන් 11 හැවිරිදි ලසන් අහුලා ගත් බෑගය ගාල්ල පොලිසියට

ගාලු කොටුවේ රෑම්පාට් වීදියෙන් 11 හැවිරිදි ලසන් අහුලා ගත් බෑගය ගාල්ල පොලිසියට

by mahesh
November 1, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ

ලසල් නෙත්සර, රත්නපුර ධර්මපාල විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවෙකි. ඔහු තම මවුපියන් සමඟ ගාලු කොටුවේ සංචාරයකට පැමිණියේය. ලසල්ගේ පියා ලක්ෂාන් දන්ගමුව නිවිතිගල පොලිසියේ සැරයන්වරයෙක් වන අතර මවද පොලිස් නිලධාරිනියකි.

ගාලු කොටුවේ රෑම්පාට් වීදියේ සංචාරය කරමින් සිටියදි බිම වැටී තිබූ කුඩා බෑගයක් ලසල් අහුලා ගත්තේය. පසුව මව සහ පියාද සමඟ එක්ව බෑගය විවෘත කළේය. එහි දේශීය සහ විදේශීය මුදල්, ගමන් බලපත්‍රයක්, ඒ.ටී.එම්. කාඩ්පත් හයක් ඉන්දීය රියැදුරු බලපත්‍රයක් ඇතුළු වැදගත් දේවල් රැසක් විය.

සංචාරය අතරමඟ නතර කළ ඔවුන් වහාම ගාල්ල පොලිසියට පැමිණ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතා හමුවී බෑගය පිළිබඳ විස්තර පැවසීය. මේ අතර ඉන්දීය ජාතිකයෙක්ද පැමිණ මහත් කනස්සල්ලෙන් පොලිසිය තුළ ඔබ මොබ යන්නට විය. පොලිස් නිලධාරියෙකු ඔහුගෙන් විස්තර විමසීමේ දී පවසා ඇත්තේ තමාගේ බෑගය නැතිවූ බවය. පසුව අනාවරණයවී ඇත්තේ මෙම බෑගය එම ඉන්දීය ජාතිකයාගේ බවය.

පුංචි ලසල් තමා අහුලාගත් ගමන් බෑගය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාර දුන්නේය. මෙහි දී ලසල්ගේ ක්‍රියාව අගය කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙන්ම මුළු පොලිසියේම ස්තුතිය ප්‍රශංසාව ඔහුට හිමිවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT