150
බලපත්‍ර නොමැතිව නිවසක ගබඩා කර තිබූ මුහුදු හක්බෙල්ලන් 1180ක් සහිත උර පහක් සමඟ එක් සැකකරුවෙකු කල්පිටිය පොලිසිය හා කල්පිටිය නාවුක හමුදාව එක්ව කළ මෙහෙයුමකින් පෙරේදා (30) අත්අඩංගුවට ගෙන ඇත. ධීවර හා ජලජ සම්පත් පනතේ නීතිමය ප්‍රතිපාදන අනුව, බලපත්‍ර නොමැතිව හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම වරදකි.
සැකකරු මණ්ඩලකුඩාව අල් මන්නාර් හී පදිංචි 51 හැවිරිදි විවාහකයෙකි.
මෙම හක්බෙල්ලන් විසිතුරු ආයිත්තම් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලට හොර රහසේ යවන බව වාර්තා වේ.
සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.