Monday, April 21, 2025
Home » ගලහාවත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඇතුළු නිවාස හතරක් බිඳලා දේපොළ කොල්ලකාලා
දීපාවලි සමරන්න

ගලහාවත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඇතුළු නිවාස හතරක් බිඳලා දේපොළ කොල්ලකාලා

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ගම්පොළ සුරංග දිල්හාන්
සොරුන්ගේ ග්‍රහණයට හසුවූ කෝවිල

දීපාවලී අවුරුද්ද පාටි දමා සැමරීම සඳහා ගම්පොළ ගලහාවත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඇතුළු නිවාස හතරක් කඩා මුදල් හා දේපොළ කොල්ලකෑ තරුණයන් තිදෙනෙකු පිළිබඳව ගලහ පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම පිරිස කෝවිලේ තිබූ විශාල පින් කැටය කඩා එහි මුදල් ගෙන එහි පූජකවරයාගේ නිවෙසට ගොස් රුපියල් 95,000 ක් වටිනා ජංගම දුරකතනයක් සමඟ මුදල් එක්ලක්ෂ අනූපන්දහසක් රැගෙන පූජකවරයාටද පහර දී පැනගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (31) දීපාවලි දිනට දින තුන ට පමණ පෙර පූජකවරයාගේ නිවෙසට ඇතුළු වූ එක් තරුණයකු නිවසේ තිබූ රුපියල් 110,000ක මුදලක් හා රුපියල් 95,000ක් වටිනා ජංගම දුරකතනයක් සොරාගෙන ඇති අතර එළියේ නවතා තිබූ ස්කූටි වර්ගයේ යතුරුපැදියේ කැබින් එකේ තිබූ රුපියල් 95,000ක මුදලක්ද රැගෙන ගොස් තිබේ. අනතුරුව එම යතුරුපැදිය රැගෙන යෑමට උත්සාහ දැරීමේ දී ඇසුණු හඬ සමඟ නිදා සිටි පූජකවරයා එය බැලීමට එළියට පැමිණි මොහොතේ ඔහු සමඟ පොරබැදූ මොවුන් එම පූජකවරයාට පහරදී යතුරුපැදියද බිම දමා පැන ගොස් තිබේ. මෙම කෝවිල කැඩීමට පෙර ඒ අසල තිබූ තවත් නිවසකට ඇතුළු වූ මෙම පිරිස එහි තිබූ බත් මාළුපිනි රැගෙන අනුභව කර තිබේ. පිඟන් තුනක ආහාර ගැනීම නිසා මෙම සොරකමට තිදෙනකු පැමිණ ඇති බව විශ්වාස කරේ. මොවුන් එම නි‍ෙවසේ තිබූ පිහි හා ඉණිමගක් ගෙන ඊට ඉහළින් තිබූ නිවෙසකට එම ඉණිමගෙන් ඇතුළුවී එහි තිබූ ජංගම දුරකතනයක් ඇතුළු දේපොළ සොරාගෙන තිබේ. අනතුරුව තවත් නි‍ෙවසකට ඇතුළු වී රුපියල් දොළොස් දහසක් තිබූ මුදල් පසුම්බියක් ද රුපියල් 8000ක් වටිනා ෆ්ලෑස් ලයිට් එකක් ද රැගෙන ගොස් තිබේ.

කෝවිල සතු පින් කැටය කඩා එහි මුදල් රැගෙන එය දමා ගොස් තිබූ අයුරු, පූජ­ක­ව­ර­යාට පහර දී රැගෙන යාමට සූදා­නම් වූ යතු­රු­පැ­දිය බිම පෙරළා තිබූ අයුරු.

කෝවිල සතු පින් කැටය කඩා එහි මුදල් රැගෙන එය දමා ගොස් තිබූ අයුරු, පූජ­ක­ව­ර­යාට පහර දී රැගෙන යාමට සූදා­නම් වූ යතු­රු­පැ­දිය
බිම පෙරළා තිබූ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT