මීගොඩ බටවල ප්‍රදේශයේ නිෙවසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඊයේ (31) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලාගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ඉන් නිෙවසේ ජනේලයකට සුළු හානි සිදුව තිබේ.
මීගොඩ බටවල අංක 37 දරන නිෙවසට ඊයේ (31) අලුයම 02.30 පමණ පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ දොරට තට්ටු කොට නිවැසියන්ට කතා කර තිබේ. එහෙත් ඔවුන් නිෙවසේ දොර විවෘත නොකිරීම නිසා මෙසේ වෙඩි ප්‍රහාර දෙකක් නිෙවස ඉදිරිපිට ජනේලයකට තබා පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් හිස් කොපු 02ක් හා ජීව උණ්ඩයක් නිවස ඉදිරිපිට ගේට්ටුව අසල වැටී තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී නිවසේ හිමිකරු සිට නොමැති අතර ඔහුගේ මව, දරුවන් දෙදෙනා හා බිරිය එහි සිට ඇති අතර මෙම යුවළ කලක සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත දෙදෙනෙකු බවත් දැනට මාස කිහිපයකට ඉහතදී එම ජාවාරම නවතා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ. මෙම වෙඩි තැබීමට හේතුව නිශ්චිතව අනාවරණය නොවන අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ ගැටලුවක් මීට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ.
සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මීගොඩ පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.