Home » ලොහාන්ගේ තවත් සැප රියක් සොයාගනියි

ලොහාන්ගේ තවත් සැප රියක් සොයාගනියි

by chanaka
November 1, 2024 12:29 pm 0 comment

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිත කරන ලැදැයි පැවසෙන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (31) පස්වරුවේ දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබීයදීය .

පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබී සොයාගත් මෙම වාහනයේ සවිකර තිබූ අංක තහඩුව සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය මහනුවර පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකට අයත් එකක් බවය.

එම ජිප් රථයේ අංකය භාවිත කරමින් මෙම ජීප් රථය ධාවනය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණි.

ලොහාන් රත්වත්තේ මහතා ගේ බිරිඳට අයත් මිරිහාන පොලිස් වසමේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයේ තිබී පසුගිය 26 දින සුඛෝපභෝගි වාහනයක් සොයාගත් අතර එම සිද්ධියට අදාළව ඔහු මේ වනවිට නොවැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දිගන ප්‍රදේශයෙන් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ජිප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙන බව පැවසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT