146
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීමෙන් සිසුවියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් මෙලෙස අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් ඇතැයි වාර්තාවේ.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි මාර්ගයේදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
එම අනතුරෙන් සිසුන් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර ප්‍රතිකර සඳහා ඔවුන්ව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
අනතුර සිදු වන විට බස් රථයේ 40 දෙනෙකු පමණ සිට ඇති අතර 35 දෙනෙකු ඉන් තුවාල ලබා තිබේ.