Sunday, April 20, 2025
Home » සරසවි සිසුන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් බිහිසුණු අනතුරක් : 2ක් මරුට

සරසවි සිසුන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් බිහිසුණු අනතුරක් : 2ක් මරුට

by chanaka
November 1, 2024 12:23 pm 0 comment

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීමෙන් සිසුවියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් මෙලෙස අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් ඇතැයි වාර්තාවේ.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි මාර්ගයේදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

එම අනතුරෙන් සිසුන් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර ප්‍රතිකර සඳහා ඔවුන්ව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

අනතුර සිදු වන විට බස් රථයේ 40 දෙනෙකු පමණ සිට ඇති අතර 35 දෙනෙකු ඉන් තුවාල ලබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT