Home » බ්‍රික්ස් මුදල් ඒකකයට යුරෝපා මහ බැංකුවේ විරෝධය

බ්‍රික්ස් මුදල් ඒකකයට යුරෝපා මහ බැංකුවේ විරෝධය

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ලෝක ආර්ථිකයේ ප්‍රබලතම රටවල් පහක් එක්ව පිහිටුවා ගත් බ්‍රික්ස් සංවිධානය සිය මිත්‍ර රටවල් අතර නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට ගත් තීරණයට එරෙහිව යුරෝපීය මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා රුසියාවේ කසන් ප්‍රාන්තයේ පැවති බ්‍රික්ස් සමුළුවේදී එම සංවිධානයට අයත් රුසියාව, චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල නායකයන් විසින් එකඟතාවට පැමිණ සිටින බ්‍රික්ස් මුදල් ඒකකය හඳුන්වා දීමෙන් යුරෝපයේ භාවිත කරන යුරෝ මුදල් ඒකකයට එල්ල වන බලපෑම පිළිබඳ යුරෝපීය මහ බැංකුවේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

යුරෝපීය මහ බැංකුවේ සභාපතිනිය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානියා ක්‍රිස්ටීන් ලැගාර්ඩ් අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ඩොලරයේ සහ යුරෝ මුදල් ඒකකයේ ගෝලීය භාවිතයට බ්‍රික්ස් මුදල් ඒකකයෙන් තර්ජනයක් එල්ල වනු ඇති බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT