Home » එ.ජා. නිලධාරීන්ට ඔක්තෝබරයේදී ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක්

එ.ජා. නිලධාරීන්ට ඔක්තෝබරයේදී ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ලෙබනනයේ ක්‍රියාත්මක වන සිය නිලධාරීන් ඉලක්ක කරමින් පසුගිය ඔක්තෝබරයේදී පමණක් ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක් එල්ල වූ බව එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරවලින් සිය නිලධාරින්ට හෝ දේපළවලට හානි සිදුවූ බවද සාමසාධක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලයෙන් එල්ල වූ එම ප්‍රහාරවලින් 20ක් පමණ වෙඩි තැබීම් වැනි සිදුවීම් බවත්, තවත් ප්‍රහාර 7ක් වුවමනාවෙන්ම සිය නිලධාරීන් ඉලක්ක කරගත් ප්‍රහාර බවත් එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක හමුදාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT