Sunday, April 20, 2025
Home » විකිපීඩියා සමාගමට ඉන්දියාවෙන් නඩුවක්

විකිපීඩියා සමාගමට ඉන්දියාවෙන් නඩුවක්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

සිය මාධ්‍ය ආයතනය පිළිබඳ ලෝක ප්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ සාවද්‍ය හා අපහාසාත්මක හැඳින්වීමක් සිදු කර ඇතැයි කියමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගත් ‘ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල්‘ ආයතනය විසින් විකිපීඩියා හිමිකරුවන් වන අමෙරිකාවේ විකිමීඩියා සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් මාධ්‍ය ආයතනය පිළිබඳ සඳහන් විකිපීඩියා අන්තර්ජාල පිටුවෙහි එම ආයතනය ඉන්දියාවේ පවතින රජයේ ප්‍රචාරක මෙවලමක් ලෙස ක්‍රියාත්මක වන බවත්, සාවද්‍ය පුවත් පළවන වෙබ් අඩවිවල සඳහන් තොරතුරු බෙදා හරින මාධ්‍ය ආයතනයක් බවත් සඳහන් කර ඇතැයි නවදිල්ලි නුවර මහාධිකරණයේ මේ නඩුව ගොනුකර ඇතැයි වාර්තාවේ.

එම වෙබ් අඩවියේ පළවී ඇති කරුණු ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරන පුද්ගලයන් විසින් ඇතුළත් කරනු ලැබූ බවත්, එය පාලනය කළ නොහැකි බවත් විකිමීඩියා සමාගම අධිකරණයට දන්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඒ පිළිබඳ අවධානය යොමුකළ මහාධිකරණය එම තොරතුරු සංස්කරණය කළ පුද්ගලයන් හෙළි කරන ලෙස විකිමීඩියා සමාගමට නියෝග කර ඇති අතර, එම පුද්ගලයන්ගේ තොරතුරු විනිසුරුවරයාට පමණක් හෙළි කිරීමට එම සමාගම එකඟතාව පළ කර ඇතැයි ද වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT