හෙස්බුල්ලා සංවිධානය සතු ඉන්ධන ටැංකි ඇති බවට බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු මත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ලෙබනනයේ නැඟෙනහිර පිහිටි බාල්බේක් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ වහාම ඉවත් වන ලෙසට නගරවාසීන්ට දැනුම් දීමෙන් පසුව වුවද කාන්තාවන් අටදෙනකු ඇතුළුව පුද්ගලයන් 19 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායලය නගරයට ප්‍රහාර 20කට වඩා එල්ල කළ බව බාල්බේක් නගරාධිපතිවරයා යුද වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇති අතර, ඉන් ප්‍රහාර 5ක්ම එල්ල වී ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් පෞරාණික රෝමානු දේවස්ථානයක් පිහිටි නගර මධ්‍යයට බව ද වාර්තා වේ.
සිය නායකත්වය යටතේ තවදුරටත් ඊශ්‍රායලයට පහරදෙන බවත්, සටන් විරාමයක් ඉල්ලා හඬා නොවැටෙන බවත් හෙස්බුල්ලා සංවිධානයේ නව නායකයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, ඊශ්‍රායලයෙන් බාල්බේක් නගරයට ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉන් පසුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.