Home » හද ගැස්ම අද සිට දිවයින පුරා

හද ගැස්ම අද සිට දිවයින පුරා

by mahesh
November 1, 2024 1:00 am 0 comment

අකිල සඳකැලුම් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය ‘හද ගැස්ම’ හෙට 01 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීම ඇරඹෙන අතර ඉසුරු ෆිල්ම් නිෂ්පාදනයකි.

අර්ජූන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, කුමුදිනී අධිකාරි, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ශාලිත ගුණවර්ධන, සෝමවීර ගමගේ රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය ජනිත් ගුණසේකර, සංස්කරණය, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීම, දනාල් තිරංජන, 7.1 ශබ්ද නිර්මාණය සහ මිශ්‍රණය චදිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණය නිමේෂ් ලක්මාල්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණය සහ ගීත රචනයෙන් ලක්මාල් ෆනැන්ඩු, ගීත ගායනය නලින් ෆනැන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ෆනැන්ඩු ද, කලා අධ්‍යක්ෂණය සුමිත් කුඩලිගමගෙනි.


බන්දුට 50යි

දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ ‘බෆලෝ ට්‍රැවල්’ සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින PVR සිනමාහලේදී පැවැත්විණි.

එහිදී ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී විකට රජු ලෙස හඳුන්වන බන්දු සමරසිංහගේ සිනමා දිවියට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රණාම පුද කිරීමක් සිදු කරන ලදි. එහිදී සිනමා දිවියේ පනස් වසර සමරමින් සමරු ඵලකයක් පිරිනැමීම ද සිදු කරන ලදී. එය සංවිධානය කර තිබුණේ බෆලෝ ට්‍රැවල් සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසයි.


රන්දිකගේ විශ්ම එයි

රන්දික නදීෂාන් විජේමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද විශ්ම සිනමා පටයේ මංගල දර්ශනය අද සවස 4.00ට වැල්ලවත්ත රොක්සි සිනමාහලේදී දිග හැරේ. මෙය 2s ventures movies නිෂ්පාදනයකි.


පළිඟු රෑන හෙට

ආචාර්ය හෙන්රි ජයසේනගේ අනුවර්තනය ඇසුරින් පූජිත ද මෙල්ගේ නාට්‍ය නිර්මාණයක් වන පළිඟු රෑන 02 වැනිදා හෙට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ විලියම් ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කණිෂ්ක, මනුෂී ටානියා, බිම්සරා සිල්වා මෙයට රංගනයෙන් එක්වෙති.


චාර්ලි මොටෝගේ සංගීත ප්‍රසංගයක් නොමිලේ

ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ප්‍රංශ ගායන ශිල්පිනී චාර්ලි මොටෝ සහභාගී වන සංගීත ප්‍රසංග 3න් එක් ප්‍රසංගයක් පසුගිය 29 වැනි දින පැවැත්වූ අතර තවත් දෙකක් ඉදිරි දින දෙකක් ඇතුළත පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව තවත් එක් ප්‍රසංගයක් 3 වැනිදා මහනුවර Kandy Atelier ප.ව. 06.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඇගේ නවතම ගීතය Citadelle පසුගිය පෙබරවාරි මාසයේ දී එළිදක්වන ලදී. පවත්වනු ලබන සියලු ප්‍රසංග නොමිලේ පැවැත්වෙන අතර ඒ සඳහා ඔබ සැමට විවෘත ආරාධනයක් තානාපති කාර්යාලය විසින් කරනු ලබයි.


සිංහබාහුට සම්මාන හතරක්

2021 වසරේ පැවැති පළමු වැනි බයෙල්සා අන්තර්ජාතික සිනමා උලෙළේදී සුනාමි සිනමාපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගැනීමෙන් පසු ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ නවතම සිනමාපටය වන සිංහබාහු චිත්‍රපටය පසුගිය දින පැවැති නයිජීරියාවේ 4 වැනි බයෙල්සා අන්තර්ජාතික සිනමා උලෙළේදී ජූරිය විසින් පිරිනැමූ සම්මාන හතරක් හිමි කර ගැනීමට සමත් විය.

හොඳම තිර රචනය වෙනුවෙන් ආචාර්ය සෝමරත්න දිසානායක, හොඳම කැමරාකරණය වෙනුවෙන් විශ්වා බාලසූරිය, හොඳම සහාය නළුවා ලෙස අකිල ධනුද්දර සහ හොඳම වස්ත්‍රාභරණ වෙනුවෙන්, රමේෂා ඕෂනි යන සිව් දෙනා සම්මානයට පාත්‍ර වූහ.


අධ්‍යාපනික හා රසවින්දන වැඩසටහනක්

‘ටවර් රංග යාත්‍රා’ අධ්‍යාපනික හා රසවින්දන වැඩසටහන 5දා පෙ.ව 9.30 සිට 12 දක්වා ගිරිඋල්ල ගැමුණු මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වේ. දේශීය නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය අරමුණු කරගෙන, ටවර්හෝල් රගහල පදනම දීප ව්‍යාප්තව මේ වැඩසටහන් මාලාව මෙහෙයවයි.

නුවන් මහේෂ්


වනජීවී චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘සොබාදහම තරුණ ඇසින් සහ වන සත්ත්ව නෑදෑයෝ’ වාර්ෂික වනජීවී චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය 02 වැනිදා සහ 03 වැනිදා පෙ.ව. 09.00 සිට ප.ව.06.00 දක්වා කොළඹ 07, ජේ.ඩී.ඒ. කලාගාරයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT