Home » වසරේ බැංකු සහකරු ලෙස NDB සම්මානයට

වසරේ බැංකු සහකරු ලෙස NDB සම්මානයට

by mahesh
November 1, 2024 1:00 am 0 comment

NDB බැංකුව 2024 වසරේ “Asia Trusted Life Agents & Advisors Awards” සම්මාන ලබයි. NDB බැංකුව සහ AIA ශ්‍රී ලංකා සමඟ එක්ව 2024 වසරේ Asia Trusted Life Agents & Advisors සම්මාන උලෙළේ දී NDB – AIA බැංකු රක්ෂණ (Bancassurance) සහයෝගිතාව වෙනුවෙන් වසරේ බැංකු හවුල්කරු ලෙස පිදුම් ලැබූ බව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මෙම ගෞරවය හිමි වූ ප්‍රථම අවස්ථාව ලෙස ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒෂියා ඉන්ෂුවරන්ස් රිවීව් (Asia Insurance Review), ඒෂියා ඇඞ්වයිසර්ස් නෙට්වර්ක් (Asia Advisors Network) සහ LIMRA (the Life Insurance Marketing and Research Association) එක්ව සංවිධාන කරනු ලබන මෙම Asia Trusted Life Agents & Advisors සම්මාන උලෙළ ජීවිත රක්ෂණ සහ මූල්‍යමය උපදේශන ක්ෂේත්‍රයේ ඉතා අභිමානවත් සම්මාන උලෙළකි. සම්මානලාභීන් තෝරාපත් කරගැනීමේ දී උපරිම විශ්වසනීයත්වයක් සහ විනිවිදභාවයක් සහතික කරමින් ප්‍රධාන විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන්ගෙන් සමන්විත කීර්තිමත් විනිසුරු මඬුල්ලක් විසින් දැඩි ඇගයීමකින් අනතුරුව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ.

NDB බැංකුව සහ AIA ශ්‍රී ලංකා අතර පවතින දිගුකාලීන බැංකු රක්ෂණ හවුල්කාරීත්වයේ කැපී පෙනෙන ශක්තිය, වටිනාකම සහ තිරසර ස්වභාවය මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කෙරේ. ගනුදෙනුකරුවන්ට බැංකු රක්ෂණ විසඳුම් පිරිනමමින් ඔවුන්ට සුරක්ෂිත සහ මූල්‍යමය සැලසුම් අවශ්‍යතා බාධාවකින් තොරව සපුරාලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇති සාර්ථක සහයෝගිතාව ප්‍රතිඵලය මෙම ජයග්‍රහණය තුළින් ඉස්මතු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT