Home » අවියානා වෙළෙඳ ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා ඩුබායිහිදී

අවියානා වෙළෙඳ ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා ඩුබායිහිදී

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට වාසි රැසක්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටල් සමූහයේ සාඩම්බර කොටස්කරුවකු වීමට විදේශගත ශ්‍රී ලාංකිකයින්ට වරම්

ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමූහයේ ආයෝජනය කිරීමට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ද දැන් අවස්ථාවක් උදා වී තිබේ.

විදේශගතව සිටින මෙන්ම මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට වාසි රැසක් ලබා දෙමින් අවියානා හෝටල් සමූහයේ විශේෂ නියෝජිත පිරිසක් නොවැම්බර් මස 02 සහ 03 යන දිනවලදී ඩුබායි ක්‍රවුන් පැලස්හිදී මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මුණගැසීමට සූදානමින් සිටී.

මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කර ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගනිමින් එම හෝටල් සමූහයේ සාඩම්බර කොටස්කරුවෙකු වීමට මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම විදේශගතව රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට ද අවස්ථාවක් උදා කරදීම මෙහි අරමුණ බව අවියානා හෝටල් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකේය අභිමානය “අවියානා” රැගෙන විශේෂ නියෝජිත පිරිසක් නොවැම්බර් 02 සහ 03 යන දිනවල ඩුබායි ක්‍රවුන් පැලස්හිදී වෙළෙඳ ප්‍රදර්ශනයට එක්වන්නේ මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානාහි තොරතුරු රැසක්ද සමඟිනි. මෙවර “Sri Lanka Trade Fair – Dubai 2024” වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේද අවියානා හෝටල් සමූහය මඟින් වීම තවත් විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT