පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට යෙදී තිබුණු අන්තර්ජාතික සූපවේදී දිනය Sun Siyam Pasikudah හෝටලයේදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ප්‍රණීත ආහාරපාන අත්දැකීම් සංචාරකයින්ට සමීප කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන Sun Siyam Pasikudah හෝටලයේ සූපවේදීන්ගේ කැපවීම අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ අවස්ථාව සඳහා හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා මූලිකත්වය ගෙන තිබුණි.
අනාගතය වෙනුවෙන් සෞඛ්‍යවත් ආහාර යන තේමාව මුල් කරගත් මෙවර අන්තර්ජාතික සූපවේදී දිනයේදී ශාරීරික යහපැවැත්ම වෙනුවෙන් නැවුම් සහ සෞඛ්‍යසම්පන්න ආහාර අමුද්‍රව්‍ය භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන අතර Sun Siyam Pasikudah හෝටලය සිය ආහාරපාන පිළියෙල කිරීමේදී ඒ පිළිබඳ නිරන්තර අවධානය යොමුකරයි. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් දේශීය ආහාර අමුද්‍රව්‍ය යොදාගනිමින් වඩාත් තිරසර සහ සෞඛ්‍යවත් ආහාරපාන රැසක් හඳුන්වාදීමට එහි සූපවේදීහු කටයුතු කර තිබේ.
මීට සමගාමීව විශේෂ කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාවක් ද සංවිධානය කර තිබුණු අතර හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයින් ද ඊට සහභාගී කරවා ගැනීම කැපී පෙනුණි. එහිදී වියළි පලතුරු, කුළුබඩු, මධ්‍යසාර වර්ග ආදිය මුසු කරමින් කේක් මිශ්‍රණ සැකසීමේ මෙම අවස්ථාව සංචාරකයින්ට විශාල විනෝදයක් ගෙන ඒමට සමත්විය.
ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ හරය ආහාර මේසය මතට ගෙන එන්නේ අපේ සූපවේදීන්. විශේෂයෙන්ම සම්ප්‍රදාය සහ නවෝත්පාදනය කැටි කරගත් අපූරු සංයෝගයකින් යුතුව ආහාරපාන පිළියෙළ කිරීමට ඔවුන් සමත්. එවන් පසුබිමක අපි අන්තර්ජාතික සූපවේදී දිනය සැමරීමේදී ඔවුන් සතු කැපවීමත්, ශ්‍රී ලාංකික ආහාරපාන උරුමයේ සාරවත් බවත් සමරනු ලබනවා, යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි පැවසුවේය.
සියවස් ගණනක් මුළුල්ලේ විහිදුණු මෙරට බහු සංස්කෘතික උරුමය ආහාරපානවලින් හොඳින් විද්‍යමාන වේ. මුහුදුබඩ ලාංකික සමාජයේ කුළුබඩු රසය රැගත් ආහාර ව්‍යාංජනවල සිට පොල් පදනම් කරගත් ආහාර වර්ග දක්වා මෙරට ආහාරපාන ඉහළ ගතිකත්වයකින් යුතු වේ. මෙම ගතිකත්වය මැනවින් ග්‍රහණය කරගනිමින් ශ්‍රී ලංකාවේ සාරවත් සංස්කෘතික උරුමය මෙන්ම ආගන්තුක සත්කාරය පිළිබඳව ලොවට කීමට ද එහි සූපවේදීහු සමත්ව සිටිති.