Friday, April 18, 2025
Home » නිව් ඇන්තනීස් සත්ත්ව ආහාර අංශය ISO 22000:2018 සහතිකය හිමි කර ගනියි

නිව් ඇන්තනීස් සත්ත්ව ආහාර අංශය ISO 22000:2018 සහතිකය හිමි කර ගනියි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ මාංස නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම වෙනුවෙන් සමාගමට මෙම ප්‍රමිති සහතිකය හිමිව තිබේ. හුදෙක් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මාංස ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම තම ගොවිපොළ ක්‍රියාකාරකම් තුළ තිරසර සහ පරිසර හිතකාමී භාවිතාවන් යොදා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීමට සමාගම දක්වන කැපවීම ද මෙම තත්ත්ව සහතිකය හරහා පිළිබිඹු වීම විශේෂත්වයකි.

2022 වසරේදී මෙරට උසස් ප්‍රමිතියේ සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක් වූ ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් ලංකා සමාගම අත්පත් කරගනිමින්, සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය වෙත නිව් ඇන්තනීස් සමූහයේ ව්‍යාපාර කළඹ ප්‍රසාරණය කිරීම වැදගත් සන්ධිස්ථානයක් විය. මේ හරහා මාංස ආහාර නිෂ්පාදන දාමයේ සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කරගනිමින්, වැඩි විවිධත්වයකින් යුත් සහ විස්තීර්ණ නිෂ්පාදන සහ විසඳුම් රැසක් නිර්මාණය කරගැනීමට සමාගමට හැකියාව ලැබුණි.

ISO 22000:2018 සහතිකය හිමිවීම හරහා අපගේ මාංස නිෂ්පාදනවල මෙන්ම ගොවිපළ සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය වෙනුවෙන් අප සතු කැපවීම පෙන්නුම් කෙරෙනවා. ඒ අනුව, අන් කවරදාටත් වඩා වෙළෙඳපොළ වෙත පරිපූර්ණ සහ පරිසර හිතකාමී මාංස නිෂ්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමට අපට හැකිවී තිබෙනවා, යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මාස කිහිපය තුළ නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය නවෝත්පාදනය සහ තිරසරභාවය පදනම් කරගත් වේගවත් වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය. විශේෂයෙන්ම සමාගමේ හරිත වටිනාකම් අනුව යමින්, පරිසර හිතකාමී සහ ප්‍රතිජීවක රහිත මාංස ආහාර නිෂ්පාදනය වෙනුවෙන් දායකත්වය සැපයීමට ඊට හැකිවිය. ISO 22000:2018 සහතිකය හිමිවීම ද එහි ප්‍රතිඵලයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT