Monday, April 21, 2025
Home » ගංවතුර නිසා ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

ගංවතුර නිසා ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

by chanaka
November 1, 2024 12:38 pm 0 comment

ස්පාඤ්ඤයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය අඟහරුවාදා හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය.

ගංවතුරට හසුව පාලම් සහ ගොඩනැගිලි ගසාගෙන ගිය අතර බොහෝ අයට දිවි ගලවා ගැනීම සඳහා නිවෙස් වල වහලයට නැගීමට හෝ ගස්වල එල්ලී සිටීමට සිදු වුණි.

අතුරුදහන් බොහෝ දෙනෙක් සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි වාර්තාවේ. කෙසේ නමුත් තවමත් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව බලධාරීන් මෙකෙත් හෙළි කර නොමැත.

ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සේවකයන් 1200කට අධික පිරිසක් යොදවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විපතට පත් වූවන් සඳහා යුරෝ මිලියන 250 ($ 270m) ආධාර ප්‍රකාශයට පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT