Home » ඔක්ටේන් 95 සුපර් ඩීසල් රුපියල් 6කින් පහළට

ඔක්ටේන් 95 සුපර් ඩීසල් රුපියල් 6කින් පහළට

by mahesh
November 1, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මාසික මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.

මේ අනුව රුපියල් 319ක්ව පැවැති ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල අද සිට රුපියල් 313ක් වන අතර රුපියල් 377කට පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371ක් වේ.

රුපියල් 311ක්ව පවතින ඔක්ටේන් 92 ලීටරයක සහ රුපියල් 283ක්ව පවතින සුදු ඩීසල් ලීටරයක මිල මෙවර මිල සූත්‍රයට අනුව වෙනසක් සිදුව නැත. එමෙන්ම රුපියල් 183ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිලෙහි ද මෙවර වෙනසක් සිදුව නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT