බුලත්සිංහල, පරගොඩ, වොෂින්ටන්වත්තේ පසුගියදා (29) සවස ඇති වූ ආරවුලක් හේතුවෙන් වොෂින්ටන්වත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට හෙල්ලයකින් ඇන මාරාන්තික තුවාල සිදු කිරීම හේතුවෙන් වොෂින්ටන්වත්ත පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල, වොෂින්ටන්වත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ආරවුල්ලේදී හෙල්ලෙන් පහර කෑ පුද්ගලයා මේ වන විට කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (30) මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුලාංජන ඒකනායක මහතා සහ පොලිස් සැරයන් (29267) නෙවිල්, (60030) රාජකරුණා, ඩබ්ලිව්. පී. ඇස්, (5129) ජයකොඩි. පො.කො, (30940) වන්නිනායක (91315) මධුවන්ත (100139) කුරුප්පු සහ (102517) පසිඳු යන පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.