Home » පුද්ග­ල­ය­කුට හෙල්ල­ය­කින් ඇන මාරා­න්තික තුවාල කළ දෙදෙ­න­කු අත්අඩංගුවට

පුද්ග­ල­ය­කුට හෙල්ල­ය­කින් ඇන මාරා­න්තික තුවාල කළ දෙදෙ­න­කු අත්අඩංගුවට

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

මීග­හ­තැන්න - සමූහ

බුල­ත්සිං­හල, පර­ගොඩ, වොෂි­න්ට­න්වත්තේ පසු­ගි­යදා (29) සවස ඇති වූ ආර­වු­ලක් හේතු­වෙන් වොෂි­න්ට­න්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යෙ­කුට හෙල්ල­ය­කින් ඇන මාරා­න්තික තුවාල සිදු කිරීම හේතු­වෙන් වොෂි­න්ට­න්වත්ත පදිංචි පුද්ග­ල­යින් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව බුල­ත්සිං­හල පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බුල­ත්සිං­හල, වොෂි­න්ට­න්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යන් දෙදෙ­නෙකු වන අතර ආර­වු­ල්ලේදී හෙල්ලෙන් පහර කෑ පුද්ග­ලයා මේ වන විට කොළඹ මහ රෝහලේ හදිසි අන­තුරු අංශයේ ප්‍රති­කාර ලබන බව පොලි­සිය සඳ­හන් කරයි.  අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා ඊයේ (30) මතු­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.

බුල­ත්සිං­හල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන විධා­නගේ මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක දුලාං­ජන ඒක­නා­යක මහතා සහ පොලිස් සැර­යන් (29267) නෙවිල්, (60030) රාජ­ක­රුණා, ඩබ්ලිව්. පී. ඇස්, (5129) ජය­කොඩි. පො.කො, (30940) වන්නි­නා­යක (91315) මධු­වන්ත (100139) කුරුප්පු සහ (102517) පසිඳු යන පොලිස් නිල­ධා­රින් විසින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT