ඵෙතිහාසික දඹුල්ල සහ ඒ අවට ගම්මානයන්හි සියලු කලාවන් මෙන්ම නර්තනයන් සංරක්ෂණය කර ලොවට ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් මීට දශක දෙකකට පමණ පෙර එවකට පැවැති රජය විසින් ඵෙතිහාසික රංගිරි දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි පැවතගෙන එන සාම්ප්‍රදායික නර්තනයන් මෙන්ම වෙනත් පැරණි කලාවන් සංරක්ෂණය කර ප්‍රදර්ශනය කිරීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද දිවංගත ටී.බී. තෙන්නකෝන් ගුණානුස්මරණ එළිමහන් රංගපීඨයේ ඉදිකිරීම් මේ වන විට අතරමග නතර කර දමා තිබීම හේතුවෙන් විශාල මුදල් විනාශයක් සිදු වන බව කලාකරුවෝ සඳහන් කරති.
2005 වසරේදී එවකට පැවැති රජයේ අමාත්‍යවරයකු වූ දි.මු. ජයරත්න මහතා විසින් මේ සඳහා මුල්ගල තැබූ අතර, එදා සිට මේ දක්වා රුපියල් මිලියන හතළිහක පමණ මුදලක් මෙහි ඉදිකිරීම් සඳහා රජය විසින් වැය කරනු ලැබ ඇතත් දැනට එහි ඇති සියලු ඉදිකිරීම් ද වල්වැදී ඇත. මේ වන විට ශේෂව ඇත්තේ ප්‍රේක්ෂකාගාරයක්, අඩක් නිම කළ රංගපීඨයක් මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඉදිකිරීම් කිහිපයක් පමණි. තවද දැනට මෙම ස්ථානයෙහි අතහැර දමා ඇති ඉදිකිරීම් ප්‍රදේශයේ කඩාකප්පල්කාරී කණ්ඩායමක් විසින් විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගන්නා බැවින් මහත් අපහසුතාවයකට මුහුණපෑමට සිදුව ඇතැයි ද අවට පදිංචිකරුවෝ පවසති.
පවතින මෙම තත්ත්වය යටතේ ප්‍රදේශයේ පාරම්පරික කලාකරුවන්ගේ බලාපොරොත්තු සියල්ල සුන්ව ඇති අතර, මොවුන් පවසන්නේ මෙහි මෙම රංගපීඨය ඉදිනොකරන්නේ නම් එම ස්ථානය වෙනත් පොදු කටයුත්තක් සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙසයි. දඹුල්ල නගර සීමාවේ ඉතා දැකුම්කලු ස්ථානයක ආරම්භ කර ඇති මෙම ඉදිකිරීම් මෙසේ නවතා දැමීම හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින මෙම නගරයේ අලංකාරයට ද මෙමඟින් මහත් හානියක් වන බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

ප්‍රේක්ෂකාගාරය