දීපවාලි උත්සවය යෙදී තිබෙන අද (31) බ්‍රහස්පතින්දා දිනයක් බැවින් පාසල් ළමුන් හට ඊට පසු දින වන නොවැම්බර් 1 (හෙට) පාසල් පැමිණීමට අපහසුතා ඇති වන බවට පළාත් ආණ්ඩුකාර නීතිඥ තිලක් ජයසේකර මහතා වෙත ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, එදිනට ඌව පළාතේ දෙමළ පාසල් සඳහා නිවාඩු ලබා දීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දුන් බව පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පවසයි. එමෙන්ම මෙදිනට (01) මධ්‍යම පළාතේ සියලුම දමිල පාසල්වලට නිවාඩු ලබා දෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකොන් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. ඒ අනුව ඌව හා මධ්‍යම පළාත්වල සියලුම දමිළ පාසල් හෙට (01) නොපැවැත්වෙන අතර, ඒ සඳහා හිලව් දිනය ලෙස නොවැම්බර් මස 9 වැනි දින එලෙස නිවාඩු ලබා දුන් දෙමල පාසල්හි අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු බවට උපදෙස් ලැබී තිබිණි.