Home » ඌව හා මධ්‍යම පළා­ත්වල දෙමළ පාස­ල්ව­ලට හෙටත් නිවා­ඩු­

ඌව හා මධ්‍යම පළා­ත්වල දෙමළ පාස­ල්ව­ලට හෙටත් නිවා­ඩු­

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා, බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන , හැටන් - රංජිත් රාජ­පක්ෂ සොරණාතොට සමූහ - සී. ගමගේ

දීප­වාලි උත්ස­වය යෙදී තිබෙන අද (31) බ්‍රහ­ස්ප­තින්දා දින­යක් බැවින් පාසල් ළමුන් හට ඊට පසු දින වන නොවැ­ම්බර් 1 (හෙට) පාසල් පැමි­ණී­මට අප­හ­සුතා ඇති වන බවට පළාත් ආණ්ඩු­කාර නීතිඥ තිලක් ජය­සේ­කර මහතා වෙත ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව, එදි­නට ඌව පළාතේ දෙමළ පාසල් සඳහා නිවාඩු ලබා දීමට ආණ්ඩු­කා­ර­ව­රයා උප­දෙස් දුන් බව පළාත් අධ්‍යා­පන ලේකම් ගාමිණී මහි­න්ද­පාල ජෝපි­යස් මහතා පව­සයි.   එමෙන්ම මෙදි­නට (01) මධ්‍යම පළාතේ සිය­ලුම දමිල පාස­ල්ව­ලට නිවාඩු ලබා දෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යා­පන අධ්‍යක්ෂ නිහාල් අල­හ­කොන් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන සහ අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යා­ගෙන් ලිඛි­තව ඉල්ලී­මක් කර ඇත.  ඒ අනුව ඌව හා මධ්‍යම පළා­ත්වල සිය­ලුම දමිළ පාසල් හෙට (01) නොපැ­වැ­ත්වෙන අතර, ඒ සඳහා හිලව් දිනය ලෙස නොවැ­ම්බර් මස 9 වැනි දින එලෙස නිවාඩු ලබා දුන් දෙමල පාසල්හි අධ්‍යා­පන කට­යුතු සිදු කළ යුතු බවට උප­දෙස් ලැබී තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT