Monday, April 21, 2025
Home » පොල් මිල ඉහළ යන්නේ වන­ස­තුන් පල­දාව විනාශ කිරී­මෙ­නුයි

පොල් මිල ඉහළ යන්නේ වන­ස­තුන් පල­දාව විනාශ කිරී­මෙ­නුයි

රත්න­පුර දිස්ත්‍රික් ගොවි සංවි­ධාන බල­ම­ණ්ඩ­ලයේ භාණ්ඩා­ගා­රික කියයි

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

මේ දින­වල වෙළෙ­ඳ­පොළේ පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව පොල් ගසට වැල­ඳෙන මයිටා සහ කෘමි උව­දුර නොව, පොල් වගා­වට දැඩි තර්ජ­න­යක් වී ඇති රිළ­වුන් සහ දඬු ලේනුන් පොල් පල­දාව විනාශ කිරීම බව රත්න­පුර දිස්ත්‍රික් ගොවි සංවි­ධාන බල­ම­ණ්ඩ­ලය රජයේ බල­ධා­රීන්ට චෝදනා කරති. පොල් සංව­ර්ධන මණ්ඩ­ලයේ ඉහළ බල­ධා­රීන් මාධ්‍ය ඉදි­රියේ පව­සන්නේ වෙළෙ­ඳ­පොළේ පොල් මිල වැඩි වී ඇත්තේ පොල් අස්වැන්න අඩු­වීම නිසා බවත්, එම තත්ත්වය ඇති වීමට හේතු වී ඇත්තේ පසු­ගිය කාලයේ පොල් වගා­වට මයිටා සහ කෘමි උව­දුර පැතිර යාම බවත් ය. නමුත් ඇති වී තිබෙන තත්ත්වය පිළි­බ­ඳව රත්න­පුර දිස්ත්‍රික් ගොවි සංවි­ධාන බල­ම­ණ්ඩ­ලයේ භාණ්ඩා­ගා­රික එන්.පී. යස­රත්න මහතා මෙසේ කීවේය.

“රත්න­පුර දිස්ත්‍රි­ක්කය තුළ පොල්, කෙසෙල්, එළ­වළු, බතල, මඤ්ඤොක්කා සහ වී වගාවේ යෙදෙන ගොවි මහ­තුන් විශාල පිරි­සක් සිටි­නවා. දිස්ත්‍රි­ක්කය තුළ ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන තිහක ගොවි සංවි­ධාන 616ක් පිහි­ටුවා තිබෙ­නවා. ඒවායේ ගොවීන් දහස් ගණ­නක් සිටි­නවා. අපට දැන් තිබෙන එකම ප්‍රශ්නය තමයි අපි වගා කරන භෝග රිළ­වුන්, මොන­රුන්, වල් ඌරන්, දඬු ලේනුන් වැනි සතු­න්ගෙන් ආරක්ෂා ගැනීම. මොනරු වගා භූමි­ව­ලට ඇතුළු වී සුළු වේලා­වක් ඇතු­ළත අස්වැන්න ආහා­ර­යට ගන්නවා. ඒව­ගේම දිවා කාලය පුරාම විශාල වශ­යෙන් රංචු සැදී රිළ­වුන් වගාව විනාශ කර­නවා. රාත්‍රි­යට වල් ඌරන් ගම් වැදී වගා­වන් විනාශ කර­නවා. මේ වන විට රිළ­වුන් වගා කට­යු­තු­ව­ලට මෙන්ම සාමාන්‍ය ජන ජීවි­ත­යට පවා තර්ජ­න­යක් ඇති­කර ඇති අතර, රිළ­වුන් නිසා පාසල් ළමුන් පවා හිරි­හැ­ර­ව­ලට ලක්වූ සිද්ධි වාර්තා වී තිය­නවා. රිළ­වුන් සිදු­ක­රන හානිය ගැන ජන­තාව වන­ජීවී නිල­ධා­රීන්ට පැවසූ විට ඔවුන් කරන්නේ ඒ ප්‍රදේ­ශ­වල ඉන්න රිළවු අල්ලා­ගෙන තවත් ප්‍රදේ­ශ­ය­කට මුදා හැරීම. රිළ­වුන් සිදු කරන විනා­ශ­යන්ට විස­ඳුම් ඉල්ලා දුර­ක­තන ඇම­තුම් ලබා නොදෙන ලෙස වන­ජීවී නිල­ධා­රීන් ගොවීන්ට පවසා තියෙ­නවා. සිය වගා­වන්ට වන සතුන් සිදු කරන විනා­ශ­යට විස­ඳුම් ලබා දෙන ලෙස ප්‍රාදේ­ශීය සහ දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නිල­ධා­රීන් සහ­භාගි වන ප්‍රධාන සාක­ච්ඡා­ව­ලදී ඉල්ලුම් කළ ද, ඒ සම්බ­න්ධ­යෙන් මින් ඉදි­රි­යට එවැනි සාක­ච්ඡා­ව­ලදී ඉල්ලුම් නොක­රන ලෙසට ද බල­ධා­රීන් පව­ස­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT