Home » උතුර-උතු­රු­මැද දෙප­ළාතේ උප ප්‍රධාන සංඝ­නා­යක පද­විය ලැබූ රන්දොඹේ පිය­නන්ද හිමියෝ පිළි­ගැ­නෙති

උතුර-උතු­රු­මැද දෙප­ළාතේ උප ප්‍රධාන සංඝ­නා­යක පද­විය ලැබූ රන්දොඹේ පිය­නන්ද හිමියෝ පිළි­ගැ­නෙති

by Gayan Abeykoon
October 31, 2024 1:03 am 0 comment

තලාව සමූහ - බී.ඩබ්.ඩී. ධර්ම­කීර්ති

රජ­රට අම­ර­පුර සිරි සද්ධ­ම්ම­වංශ මහ නිකා­යෙහි සුධර්මා කාරක සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී සර­ණ­තිස්ස වංශා­ව­තංස යන ගරු නාම සම්මු­තිය සහි­තව, අම­ර­පුර සිරි සද්ධ­ම්ම­වංශ මහා නිකායේ උතුර, උතු­රු­මැද දෙප­ළාතේ උප ප්‍රධාන සංඝ­නා­යක පද­වි­යෙන් පසු­ගි­යදා පිදුම් ලැබූ කලා­ඔය සිරි විජය බෝධි­රා­ජා­ධි­පති පූජ්‍ය රන්දොඹේ පිය­නන්ද හිමි­යන්ව පිළි­ගැ­නීමේ පුණ්‍ය මහෝ­ත්ස­ව­යක් කලා­ඔය සිරි විජය බෝධි­රා­ජා­රා­ම­යේදී පැවැ­ත්විණි. කලා­ඔය සිරි විජ­ය­බෝ­ධි­රා­ජා­රාම විහා­රස්ථ දායක සභාව මෙම පුණ්‍ය මහෝ­ත්ස­වය සංවි­ධාන කර තිබිණි. මෙහිදී පුත්ත­ලම – අනු­රා­ධ­පුර මාර්ගයේ අළු­ත්ගම මහි­න්දා­රාම විහා­ර­ස්ථා­නය ඉදි­රි­පිට සිට නොච්චි­යා­ගම දක්වාත්, අන­තු­රුව නොච්චි­යා­ගම සිට නැවත රාජාං­ග­ණය පුත්ල­ම්හ­න්දිය දක්වාත් රිය පෙර­හ­ර­කින් අභි­නව උප ප්‍රධාන සංඝ­නා­යක රන්දොඹේ පිය­නන්ද හිමි­යන්ව වැඩම කර­වීම සිදු විය. එතැන් සිට මීටර් හය­සී­යක පමණ දුර­කින් පිහිටි කලා­ඔය සිරි විජ­ය­බෝ­ධි­රා­ජා­රාම විහා­ර­ස්ථා­නය වෙත අලං­කා­ර­වත් පාග­මන් පෙර­හ­ර­කින් රන්දොඹේ පිය­නන්ද හිමි­යන්ව වැඩම කර­වූහ. අන­තු­රුව විජ­ය­බෝ­ධි­රා­ජා­රාම විහා­ර­ස්ථා­න­යේදී උත්සව සභාවේ කට­යුතු ආරම්භ කෙරිණි. අම්බ­ල­ම්ගොඩ, මාදම්පේ, කුලී­ගොඩ වන­වාස රාජ­මහා විහා­රා­ධි­පති, අම­ර­පුර සිරි­ස­ද්ධ­ම්ම­වංශ මහා නිකායේ අනු­නා­යක පූජ්‍ය මාදම්පේ විම­ල­ධජ නායක ස්වාමීන් වහන්සේ උත්සව සභාවේ මූලා­ස­නය හොබ­ව­මින් පිරිස පංච­ශී­ල­යෙහි පිහි­ටුවා පසුව ප්‍රධාන අනු­ශා­ස­නාව ද උන්ව­හන්සේ විසින් සිදු­ක­රනු ලැබූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT