Home » නැඟෙ­න­හිර පළාත් පාලන ආය­ත­න­ව­ලට දේශ­පා­ලන මැදි­හ­ත්වීම් එපා

නැඟෙ­න­හිර පළාත් පාලන ආය­ත­න­ව­ලට දේශ­පා­ලන මැදි­හ­ත්වීම් එපා

ආණ්ඩු­කාර මහා­චාර්ය ජය­න්ත­ලාල් රත්නා­යක

by Gayan Abeykoon
October 31, 2024 1:03 am 0 comment

මඩ­ක­ල­පුව සංචා­රක - පී.ටී.ඒ. ලතීෆ්

නැඟෙ­න­හිර පළාතේ පළාත් පාලන ආය­ත­න­වල ක්‍රියා­කා­රී­ත්වය දේශ­පා­ලන මැදි­හ­ත්වී­ම්ව­ලින් තොරව පව­ත්වා­ගෙන යන ලෙසත්, පළාත් පාලන ආය­ත­න­වල කට­යු­තු­ව­ලට ඇඟිලි ගැසී­මට දේශ­පා­ල­න­ඥ­යන්ට කිසි­සේත් ඉඩ නොතැ­බිය යුතු බවත් පළාත් ආණ්ඩු­කාර, මහා­චාර්ය ජය­න්ත­ලාල් රත්නා­යක මහතා පැව­සීය. ඒ මහතා මේ බව පැව­සුවේ පෙරේදා (29) මඩ­ක­ල­පුව සහ­කාර පළාත් පාලන කොම­සා­රිස් කාර්යා­ලයේ පැවති විශේෂ රැස්වී­ම­කදී ය. මෙම දිස්ත්‍රි­ක්කයේ කට­යුතු සඳහා මඩ­ක­ල­පුව මහ නගර සභාව, කාත්ත­න්කුඩි සහ එරා­වුර් නගර සභාව ඇතුළු ප්‍රාදේ­ශීය සභා 14ක ලේක­ම්ව­රුන් ඇතු­ළත් වන අතර විශේෂ කොම­සා­රි­ස්ව­රයා ඇතුළු පළාත් පාලන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු රැසක් මෙහි පැමිණ සිටි­යහ. නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ ලේකම් එස්. මද­නා­යක, ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ සම්බ­න්ධී­ක­රණ ලේකම් යූ.කේ.එම්. අබ්දුල්ලා, මඩ­ක­ල­පුව දිස්ත්‍රික් සහ­කාර පළාත් පාලන කොම­සා­රිස් ඒ. ප්‍රකාශ් යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු රැසක් මෙහි පැමිණ සිටි­යහ. මෙම විශේෂ රැස්වී­මේදී මෙම දිස්ත්‍රි­ක්කයේ ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව සාකච්ඡා කෙරිණි.

මෙහිදී අද­හස් දැක්වූ මහා­චාර්ය ජයන්ත රත්නා­යක මහතා කියා සිටියේ, පළාත් පාලන ආය­ත­න­වල සහ ප්‍රාදේ­ශීය සභා කළ­ම­නා­ක­ර­ණය යටතේ පව­තින අක්‍රිය වාහන කඩි­න­මින් අලු­ත්වැ­ඩියා කළ යුතු බවයි. භාවි­ත­යට ගත නොහැකි පැරණි වාහන සම්ප­ත්ව­ලින් ඉවත් කර වෙන්දේ­සි­යෙන් විකි­ණී­මට පිය­වර ගැනී­මට නීති­මය වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස ද රත්නා­යක මහතා නියෝග කළේය. එමෙන්ම ඒ මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේ මහ නගර සභාව, නගර සභාව ඇතුළු ප්‍රාදේ­ශීය සභා­වල කට­යුතු ජන­තා­වගේ දෙප­තු­ළට ළඟා විය යුතු බවත්, ජන­තාව එය අනු­මත කළ යුතු බවත් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT