කුඩාඔය පොලිස් වසමේ වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ ඇයගේ මාමා වන යුද හමුදා සෙබළෙකු පෙරේදා (29) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්වූ දැරිය පාසලේ පන්ති භාර ගුරුතුමියට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව ඒ පිළිබඳව කුඩාඔය පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව සැකකරු වන යුද හමුදා සෙබළා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.
සැකකරු 32 වියෙහි පසුවන දෙදරු පියෙකි. දැරියගේ මව සහ පියා වෙනත් විවාහයන් කරගෙන ඇති අතර දැරිය ආච්චි අම්මා සමඟ සිට ඇත.
මාමා සහ ඔහුගේ පවුලේ අයද පදිංචිව සිටින්නේ එම නිවෙසේ ය. නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවලදී මාමා විසින් ඇයට ලිංගික අතවර සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප එස්.ටී.එම් රියාස් මහතා පරීක්ෂණ පවත්වයි.