Home » වෛද්‍ය­ව­රි­යක අධික වේග­යෙන් පැදවූ මෝටර් රථ­ය යතු­රු­පැ­දි­යක-ත්‍රිරෝද රථ­යක ගැටී­මෙන් තිදෙ­නෙක් රෝහලේ

වෛද්‍ය­ව­රි­යක අධික වේග­යෙන් පැදවූ මෝටර් රථ­ය යතු­රු­පැ­දි­යක-ත්‍රිරෝද රථ­යක ගැටී­මෙන් තිදෙ­නෙක් රෝහලේ

by Gayan Abeykoon
October 31, 2024 1:03 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාප­නයේ වෛද්‍ය­ව­රි­යක් විසින් මෝටර් රථ­යක් අධික වේග­යෙන් හා අප­රී­ක්ෂා­කාරි ලෙස ධාව­නය කිරීම නිසා එම මෝටර් රථය යතු­රු­පැ­දි­යක හා ත්‍රිරෝද රථ­යක ගැටී­මෙන් පෙරේදා (29) තුන්දෙ­නකු තුවාල ලබා තිබේ.

යාප­නයේ වඩු­ක්කෝ­ඩෙයි සිට අධික වේග­යෙන් පැමිණි මෝටර් රථය යාප­නයේ තෙලි­ප්ප­ලෙයි පාරේ පිහිටි පාස­ලක් ඉදි­රි­පි­ටදී මුලින්ම ත්‍රිරෝද රථ­යක ගැටී තිබේ.

ඒ අව­ස්ථා­වේදී මෝටර් රථය නොනැ­වතී ඉදි­රි­ය­ටම ධාව­නය වීමෙන් පසුව යතු­රු­පැ­දි­යක ගැටී ඇත. යතු­රු­පැ­දිය පදවා ගෙන ගිය පුද්ග­ල­යාත් ත්‍රිරෝද රථයේ සිටි අයෙ­කුත් මහ­මඟ ගමන් කර­මින් සිටි අය­කුත් මෝටර් රථයේ ගැටීම නිසා තුවාල ලබා තෙලි­ප්ප­ලෙයි රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ.

තුවා­ල­ක­රු­වන් තුන්දෙ­නා­ගෙන් එක් අයෙ­කුගේ තත්ත්වය බර­ප­තළ බැවින් ඔහුව යාප­නය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් තෙලි­ප්ප­ලෙයි පොලි­සිය වෛද්‍ය­ව­රිය අත්අ­ඩං­ගු­වට ගෙන පොලිස් ඇප මත නිද­හස් කොට ඇති අතර මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT