‘මම ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිතුමියගෙන් අහනවා, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධ උදය සෙනෙවිරත්න වාර්තාව ඔබ පිළිගන්නවා ද නැද්ද, රුපියල් පනස් පන්දහස වැටුප් වැඩිවීම, රුපියල් 25,000ක දීමනා වැඩිවීම පිළිගන්නවාද නැද්ද කියලා.’ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නිමල් ලාන්සා මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (29) මීගමුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද සඳහන් කළේය.
“රනිල් වික්‍රමසිංහ මහතා 2025දී අය-වැය ලේඛනයෙන් මුදල් වෙන් කළේ නෑ කියලා පැනලා යන්නේ නැතුව මේ වැටුප් වැඩි කිරීම පිළිගන්නවාද නැද්ද කියලා ජනතාව හමුවේ කියන්න. 2025 අය-වැය ලේඛනයේ මුදල් වෙන් කරන එක කරන්නේ 2024 විසර්ජන පනතින්. විසර්ජන පනතක් ඉදිරිපත් කරලා ඒකට අනුමැතිය ලැබුණාට පසු තමා ලබන අවුරුද්දට මුදල් වෙන් කරන්නේ. එහෙම නැතුව 2025ට 2024දී මුදල් වෙන් කිරීමක් කරන්නේ නෑ.”