Home » අපේ ප්‍රති­ප­ත්ති­ව­ලට එකඟ ඕනෑම කණ්ඩා­ය­මක් එක්ක සාක­ච්ඡා­වට සූදා­නම්

අපේ ප්‍රති­ප­ත්ති­ව­ලට එකඟ ඕනෑම කණ්ඩා­ය­මක් එක්ක සාක­ච්ඡා­වට සූදා­නම්

ජාතික ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක මංජු නිශ්ශංක

by Gayan Abeykoon
October 31, 2024 1:06 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

තම පක්ෂයේ ප්‍රති­ප­ත්ති­ව­ලට එක­ඟව පුද්ග­ලික වර­ප්‍ර­සා­ද­ව­ලට එහා ගිය පොදු එක­ඟ­තා­වක් ඇති කර­ගැ­නී­මට හැකි නම්, ඕනෑම කණ්ඩා­ය­මක් සමඟ සාකච්ඡා කිරී­මට සූදා­නම් බව ජාතික ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක මංජු නිශ්ශංක මහතා පව­සයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ, කොළ­ඹදී පසු­ගි­යදා පැවැති මාධ්‍ය හමු­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පසු­ගිය කාල­යේදී දේශ­පා­ල­න­ඥ­යන් ආර්ථික, දේශ­පා­ලන සහ සමා­ජ­යීය වශ­යෙන් මේ රටට සිදු කළ හානිය අපි දන්නවා. ඒ නිසා මෙරට දේශ­පා­ල­න­යට නව­ක­යන් අවශ්‍ය වෙනවා. නමුත් මෙරට දේශ­පා­ල­නය සඳහා අලුත් අය තෝරා­ගැ­නී­මේදී දැනු­මක් ඇති අය අව­ශ්‍යයි. වසර 20ක් 25ක් පමණ පාර්ලි­මේ­න්තුවේ සිටි අය නැවත වරක් පාර්ලි­මේ­න්තු­වට යැවිය යුතු නෑ. හිටපු අය තමන්ගේ කාර්ය­භා­රය හරි­යට කළේ නෑ. ඒ අයගේ ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් මේ රටේ පවුල් ලක්ෂ 23ක් දරි­ද්‍රතා රේඛා­වෙන් පහ­ළට ඇද­වැ­ටුණා.

ඒ නිසා ඒ අයට කිසිම අයි­ති­යක් නෑ ඡන්දය දෙන්න කියන්න. පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­යක් සිටියේ නුසු­දුසු අයයි. නීති සම්පා­ද­නය කළ හැකි සහ යම්කිසි දැනු­මක් ඇති අය පම­ණක් පාර්ලි­මේ­න්තු­වට එවන්න අනෙ­කුත් පක්ෂ­ව­ලට වග­කී­මක් තිබෙ­නවා. නමුත් අපි දේශ­පා­ලන වශ­යෙන් කට­යුතු කිරී­මේදී ඕනෑම කණ්ඩා­ය­මක් සමඟ සාකච්ඡා කරන්න සූදා­නම්. අපේ ප්‍රති­ප­ත්ති­ව­ලට එකඟ වන්නේ නම්, පෞද්ග­ලික වර­ප්‍ර­සා­ද­ව­ලට එහා ගොස් පොදු එක­ඟ­තා­ව­කට අනුව කට­යුතු කරන්නේ නම්, අපි සහ­යෝ­ගය දෙනවා. එසේ වුණත් පවු­ල්වා­දය ඇති දේශ­පා­ලන පක්ෂ සමඟ සාක­ච්ඡා­වට යන්නේ නෑ. දක්ෂි­ණාං­ශික දේශ­පා­ලන පක්ෂ­යක් වශ­යෙන් අපේ පක්ෂය ශක්ති­මත්. පසු­ගිය කාලයේ සිදුවූ ආකා­රයේ වංචා සහ දූෂණ අවම කිරීමේ අර­මු­ණින් රටේ ජන­තාව අපේක්ෂා කරන ආකා­රයේ දේශ­පා­ල­න­යක නිරත වීම ජාතික ජනතා පක්ෂයේ අපේ­ක්ෂා­වයි. මේ වන විට ආණ්ඩුව අපේ නිවෙ­ස­ටම රිංගා තිබෙ­නවා. නමුත් මේ විදි­යට රටක් හදන්න බෑ. ශක්ති­මත් ආර්ථි­ක­යක් තුළ පුර­වැ­සි­යාගේ ආදා­යම් මට්ටම ශක්ති­මත් කිරීම තමයි ශක්ති­මත් රාජ්‍ය­යක් නිර්මා­ණය කර­නවා කියන්නේ. කවුරු ආණ්ඩුව කළත් ඒ වෙනු­වෙන් අවශ්‍ය පිය­වර ගත යුතුයි.”

 

ඡායා­රූ­පය – විමල් කරු­ණා­ති­ලක   

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT