ලංකා කම්කරු කොංග්‍රසය වසර 75ක කාලයේ තම ජනතාවගේ යටිතල පහසුකම් සහ ළමයින්ගේ අධ්‍යාපනය ඉහළ දැමීමට කටයුතු කළ බව එක්සත් ජාතික සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. ශක්තිවේල් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (29) හැටන්, කොටගල ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙලෙස ද කියා සිටියේය.
“වසර ගණනාවකට පසු මේ රටේ බහුතර ජනතාවක් එක්වී රටේ නායකත්වය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබා දුන්නා. හුන්නස්ගිරිය ප්‍රදේශයේ වතු සමාගමක් විසින් තේ වත්තේ දින 14ක් වැඩට නොඑන වතු කම්කරුවන්ගේ වතු නිවාස යළි වතු අධිකාරියට භාර දෙන ලෙසට දැනුම්දී තිබෙනවා. මෙලෙස වතු කම්කරුවන්ට පීඩනයක් ඇති කරන වතු සමාගම් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි.”
මේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, එක්සත් ජාතික සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ජීවන් තොණ්ඩමන් මහතා ද සහභාගි විය.