Home » ලංකා කම්කරු කොංග්‍ර­සය තම ජන­තාව වෙනු­වෙන් පෙනී හිටියා

ලංකා කම්කරු කොංග්‍ර­සය තම ජන­තාව වෙනු­වෙන් පෙනී හිටියා

එක්සත් ජාතික සන්ධා­නයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් අපේ­ක්ෂක එස්. ශක්ති­වේල්

by Gayan Abeykoon
October 31, 2024 1:06 am 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

ලංකා කම්කරු කොංග්‍ර­සය වසර 75ක කාලයේ තම ජන­තා­වගේ යටි­තල පහ­සු­කම් සහ ළම­යින්ගේ අධ්‍යා­ප­නය ඉහළ දැමී­මට කට­යුතු කළ බව එක්සත් ජාතික සන්ධා­නයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් අපේ­ක්ෂක එස්. ශක්ති­වේල් මහතා පව­සයි.

ඒ මහතා මේ බව පැව­සුවේ පෙරේදා (29) හැටන්, කොට­ගල ලංකා කම්කරු කොංග්‍රස් මූල­ස්ථා­නයේ පැවති මැති­ව­රණ ප්‍රචා­රක රැස්වී­ම­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වු ඒ මහතා මෙලෙස ද කියා සිටි­යේය.

“වසර ගණ­නා­ව­කට පසු මේ රටේ බහු­තර ජන­තා­වක් එක්වී රටේ නාය­ක­ත්වය ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහ­තාට ලබා දුන්නා. හුන්න­ස්ගි­රිය ප්‍රදේ­ශයේ වතු සමා­ග­මක් විසින් තේ වත්තේ දින 14ක් වැඩට නොඑන වතු කම්ක­රු­වන්ගේ වතු නිවාස යළි වතු අධි­කා­රි­යට භාර දෙන ලෙසට දැනුම්දී තිබෙ­නවා. මෙලෙස වතු කම්ක­රු­වන්ට පීඩ­න­යක් ඇති කරන වතු සමා­ගම් කෙරෙහි ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමු විය යුතු බවයි.”

මේ අව­ස්ථා­වට ලංකා කම්කරු කොංග්‍ර­සයේ මහ ලේකම්, එක්සත් ජාතික සන්ධා­නයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් අපේ­ක්ෂක ජීවන් තොණ්ඩ­මන් මහතා ද සහ­භාගි විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT