Home » සංචා­රක ආදා­යම වැඩි කර ගැනී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක්

සංචා­රක ආදා­යම වැඩි කර ගැනී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක්

ජාතික ජන බල­වේ­ගයේ කළු­තර දිස්ත්‍රික් අපේ­ක්ෂක, වෛද්‍ය නලින්ද ජය­තිස්ස

by Gayan Abeykoon
October 31, 2024 1:06 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

ලබන වස­රේදී සංචා­ර­ක­යන් මිලි­යන හත­රක් මෙර­ටට ගෙන්වා ගැනීම ඉලක්ක කොට සංචා­රක ආදා­යම වැඩි කර ගැනීමේ විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන බව ජාතික ජන බල­වේ­ගයේ කළු­තර දිස්ත්‍රික් අපේ­ක්ෂක, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ප්‍රකාශ කළේය.   මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“අපේ රටට වැඩි වශ­යෙන් සංචා­ර­ක­යන් ගෙන්වා ගනි­මින් ඉහළ ආදා­ය­මක් ගැනී­මට කට­යුතු කර­නවා. ඒ සඳහා අවශ්‍ය යටි­තල පහ­සු­කම් ඇතුළු සියලු සම්පත් වැඩි දියුණු කිරී­මට පිරි­පුන් සහ­යෝ­ග­යක් රජය දෙනවා.

මහ මැති­ව­ර­ණ­යට කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් ඉදි­රි­පත්වී තිබෙන අපේ කණ්ඩා­යමේ බලා­පො­රො­ත්තුව මන්ත්‍රී ධුර එකො­ළ­හෙන් අටක් ගැනී­මයි.

ජාතික ආර්ථි­කය දියුණු කිරීම සම­ඟින් ග්‍රාමීය ආර්ථික සංව­ර්ධ­නය සහ පොදු ජන­තා­වගේ සුබ­සා­ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය ජීව­නෝ­පාය සවි­බල ගැන්වීම රජයේ ප්‍රමුඛ කාර්ය­යක්. ඉති­හා­සයේ මෙතෙක් පැවැති රජ­යන් මෙගා ව්‍යාපෘ­ති­ව­ලට මුල්තැන දෙමින් යටි­තල පහ­සු­කම් සංව­ර්ධන කට­යුතු අම­තක කර තිබීම පාඩ­ම­කට ගෙන අපේ රජය කට­යුතු කර­නවා.

රාජ්‍ය සේවයේ ඵල­දා­යි­තාව, කාර්ය­ක්ෂ­ම­තාව ඉහළ නැංවී­මට සහ මහ­ජ­න­තා­වට වඩාත් පහ­සු­වෙන් මිත්‍ර­ශී­ලීව සේවා ගැනී­මට හැකි වන ආකා­ර­යට රාජ්‍ය සේවය මුළු­ම­නින්ම ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක් කර­නවා. නව නිෂ්පා­දන ආර්ථි­ක­ය­කට මුල පුර­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT