Monday, April 21, 2025
Home » මුද­ලට යට­ව­න්නන් දේශ­පා­ල­න­යෙන් අතුගා දමන්න

මුද­ලට යට­ව­න්නන් දේශ­පා­ල­න­යෙන් අතුගා දමන්න

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ සංවි­ධා­නයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රදීප් චාල්ස්

by Gayan Abeykoon
October 31, 2024 1:06 am 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

ජන­තා­වගේ පර­මා­ධි­පත්‍ය අයි­තිය මුද­ලට යට කරන පුද්ග­ල­යන් දේශ­පා­ල­න­යෙන් අතුගා දැමිය යුතු බව එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ සංවි­ධා­නයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රදීප් චාල්ස් මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ එම පක්ෂ­යේම කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රසන්න අධි­කාරී මහතා එල්ල කරන චෝදනා දැඩිව ප්‍රති­ක්ෂේප කර­මින් ඔහු විසින් මාධ්‍ය හමුව පැවැත්වූ ස්ථානය අසල රැඳී සිටි­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ සියලු දෙනා දේශ­පා­ල­න­යට අව­තීර්ණ වුණේ ජන­තාව වෙනු­වෙන් ජන­තා­වට සේවය කරන්න. කිසි­යම් පුද්ග­ල­යෙක් ලොකු මුද­ලක් පක්ෂ­යෙන් ඉල්ලා තිබෙ­නවා. ජනතා විශ්වා­සය මත දේශ­පා­ල­න­යට අව­තීර්ණ වෙන්න කියලා පක්ෂය ඔහුට දැනුම් දී තිබෙ­නවා.

තමන්ට අවශ්‍ය මුදල් ලැබුණේ නැති වෙන­කොට මාධ්‍ය නාළි­කා­ව­ලට කතා කර නීති­ඥ­ව­රුත් එක්ක ඇවිත් පක්ෂ­යට වැරදි චෝදනා එල්ල කර­නවා. මේ අය මේ වෙලාවේ මුදල් ගෙන කාගෙ හරි ව්‍යාපෘ­ති­යක් කර­නවා. දේශ­පා­ල­නය පාවා දෙනවා.   ජන­තා­වගේ ජීවත් වීමේ අයි­තිය, ඡන්ද බලය, පර­මා­ධි­පත්‍ය අයි­තිය පාවා දෙනවා. හැම­දේම මුද­ල්ව­ලට යට වෙලා අපේ රට මොන තත්ත්ව­යට ද පත් වුණේ කියලා අපි දන්නවා. එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ පක්ෂයේ සියලු දෙනා මේ වෙනු­වෙන් හඬ නඟ­නවා. පක්ෂයේ නායක රන්ජන්ට ප්‍රජා අයි­තිය නෑලූ. ඩිල්ශාන් ද්විත්ව පුර­වැ­සි­යෙක්ලු. මේ අය ඡන්ද ඉල්ලන්න ඉදි­රි­පත් වුණේ මේ කිසිම දෙයක් නොදැ­නද? මේ වගේ මුද­ලට යට­වෙන කාල­කණ්ණි පුද්ග­ල­යන් දේශ­පා­ල­න­යට ගේන්න එපා කියලා අපි ජන­තා­ව­ගෙන් ඉල්ල­නවා.”

ඡායා­රූපය – චින්තක කුමා­ර­සිංහ  

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT