ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය මුදලට යට කරන පුද්ගලයන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බව එක්සත් ප්රජාතන්ත්රවාදි හඬ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රදීප් චාල්ස් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ එම පක්ෂයේම කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරී මහතා එල්ල කරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරමින් ඔහු විසින් මාධ්‍ය හමුව පැවැත්වූ ස්ථානය අසල රැඳී සිටිමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ සියලු දෙනා දේශපාලනයට අවතීර්ණ වුණේ ජනතාව වෙනුවෙන් ජනතාවට සේවය කරන්න. කිසියම් පුද්ගලයෙක් ලොකු මුදලක් පක්ෂයෙන් ඉල්ලා තිබෙනවා. ජනතා විශ්වාසය මත දේශපාලනයට අවතීර්ණ වෙන්න කියලා පක්ෂය ඔහුට දැනුම් දී තිබෙනවා.
තමන්ට අවශ්‍ය මුදල් ලැබුණේ නැති වෙනකොට මාධ්‍ය නාළිකාවලට කතා කර නීතිඥවරුත් එක්ක ඇවිත් පක්ෂයට වැරදි චෝදනා එල්ල කරනවා. මේ අය මේ වෙලාවේ මුදල් ගෙන කාගෙ හරි ව්‍යාපෘතියක් කරනවා. දේශපාලනය පාවා දෙනවා. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, ඡන්ද බලය, පරමාධිපත්‍ය අයිතිය පාවා දෙනවා. හැමදේම මුදල්වලට යට වෙලා අපේ රට මොන තත්ත්වයට ද පත් වුණේ කියලා අපි දන්නවා. එක්සත් ප්රජාතන්ත්රවාදි හඬ පක්ෂයේ සියලු දෙනා මේ වෙනුවෙන් හඬ නඟනවා. පක්ෂයේ නායක රන්ජන්ට ප්‍රජා අයිතිය නෑලූ. ඩිල්ශාන් ද්විත්ව පුරවැසියෙක්ලු. මේ අය ඡන්ද ඉල්ලන්න ඉදිරිපත් වුණේ මේ කිසිම දෙයක් නොදැනද? මේ වගේ මුදලට යටවෙන කාලකණ්ණි පුද්ගලයන් දේශපාලනයට ගේන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.”
ඡායාරූපය – චින්තක කුමාරසිංහ