Home » එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ පක්ෂයේ නීත්‍ය­නු­කූ­ල­භා­වය ගැන විම­ර්ශ­න­යක් අව­ශ්‍යයි

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ පක්ෂයේ නීත්‍ය­නු­කූ­ල­භා­වය ගැන විම­ර්ශ­න­යක් අව­ශ්‍යයි

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රසන්න අධි­කාරි

by Gayan Abeykoon
October 31, 2024 1:06 am 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

රන්ජන් රාම­නා­යක මහතා තමන්ගේ ප්‍රජා අයි­තිය සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි ප්‍රසිද්ධ ප්‍රකා­ශ­යක් කළ යුතු බවත්, එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ පක්ෂයේ නීත්‍ය­නු­කූ­ල­භා­වය සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­සමේ කඩි­නම් විම­ර්ශ­න­යක් අවශ්‍ය බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක ප්‍රසන්න අධි­කාරී මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ ඊයේ (30) කොළ­ඹදී පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“මම මහ­මැ­ති­ව­ර­ණ­යට එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂ­යෙන් තරග කරන්න නිය­මි­තව සිටි අපේ­ක්ෂ­ක­යෙක්. එම පක්ෂ­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුණත් ඉතා කෙටි කාල­ය­කදී පක්ෂය සම්බ­න්ධ­යෙන් ගැටලු රැසක් පැන නැඟුණා.

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ පක්ෂය කාගෙද? ව්‍යව­ස්ථාව මොන පක්ෂ­යේද? පක්ෂ සමු­ළු­වේදී මොකද වුණේ? ප්‍රජා අයි­තිය නැති නාය­ක­යෙක්? ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි ජාතික සංවි­ධා­ය­ක­ව­ර­යෙක් සම්බ­න්ධ­යෙන් සමා­ජය තුළ ගැටලු රැසක් පැන නැඟුණා.

මේ පිළි­බ­ඳව මම සොයා බැලුවා. පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක කිව්වේ මේ පක්ෂය අලුත් පක්ෂ­යක් කියලා. අල්ලස දූෂ­ණය පිටු දකින නාය­ක­යෙක් විදි­හට අලුත් පක්ෂ­යක් ගොඩ­න­ඟන බවයි කිව්වේ. නමුත් මේ පිළි­බඳ සොයා බැලී­මේදී මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිංචි වූ නව පක්ෂ­යක් නොවන බව අනා­ව­ර­ණය වුණා.

මැති­ව­රණ කොමි­සමේ ලියා­ප­දිංචි පක්ෂ ලැයි­ස්තුවේ පක්ෂය ලෙස සඳ­හන් වෙන්නේ එක්සත් කොංග්‍රස් පක්ෂය කියලා. පක්ෂ නාය­කයා වශ­යෙන් රන්ජන් රාම­නා­ය­ක­වත් පක්ෂයේ ජාතික සංවි­ධා­යක වශ­යෙන් ටී. එම්. දිල්ෂා­න්ගෙත් නම් කිසිම තැනක සඳ­හන් වෙන්නේ නෑ. පක්ෂයේ ලේකම් විදි­හට ලිය­කි­ය­විලි තියෙන්නේ ගෝවි­න්ද­ස්වාමී ජය­සී­ලන් කිය­ලයි. නාම­යෝ­ජනා දුන්නට අපි මේ කියන පුද්ග­ලයා දැක­ල­වත් නෑ. කණ්ඩා­යම් නාය­කයා විදි­හට අපි දැක්කේ වෛද්‍ය පැතුම් කර්නල්. කණ්ඩා­යම් නාය­ක­යාට අනුව නාම­යෝ­ජනා දෙන්න කට­යුතු කළා. එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි හඬ පක්ෂය තාව­කා­ලි­කව නම වෙනස් කර­ගෙන මෙවර මැති­ව­ර­ණ­යට පම­ණක් ඉදි­රි­පත් වන පක්ෂ­යක්. මෙවර මැති­ව­ර­ණ­යෙන් අන­තු­රුව පක්ෂය අහෝ­සිවී යනවා. මේ පිළි­බ­ඳව වහාම විම­ර්ශ­න­යක් සිදු කළ යුතුයි. මේක හරි­යට නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ දෙයක්.”

පක්ෂ සමු­ළු­වක් කියලා එකක් තිබුණා. හැබැයි නිල­ධාරී මණ්ඩ­ල­යක් පත් කළේ නෑ. අනෙක් සමු­ළු­වල වගේ ඉදිරි යෝජනා ඉදි­රි­පත් කළේ නැහැ. මැති­ව­රණ ප්‍රකා­ශ­යක් නැහැ. පක්ෂයේ මැති­ව­රණ ප්‍රකා­ශ­න­යක් අපි තවම ඇහැට දැක්කේ නැහැ. මොකක්ද මේ අයගේ රට හදන වැඩ­පි­ළි­වෙළ? රන්ජන් අයියා වන්ශොට් එකක් කළා වගේම මාධ්‍ය සංද­ර්ශ­න­යක් කළා. පක්ෂයේ ප්‍රති­පත්ති සහ වැඩ­පි­ළි­වෙළ වගේම නිල­ධාරී මණ්ඩ­ල­ය­කුත් නෑ, තනි­කර ෂෝ එකක්.

 

ඡායා­රූපය – චින්තක කුමා­ර­සිංහ  

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT