Home » ඉතාලි තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි

ඉතාලි තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි

by yasara
October 31, 2024 11:38 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේදී ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත තහවුරු කෙරුණු අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කෙරිණ.

ඉතාලියේ විදේශ රැකියා අවස්ථා සහ විශේෂයෙන්ම පුහුණු සංක්‍රමණිකයින් හට ලබාදිය හැකි අවස්ථා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.

වෘත්තීය පුහුණු අධිකාරිය හරහා ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් පුහුණු කිරීමේ වැදගත්කම අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය.

සංචාරකයින් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, මෙරට ආර්ථික සංවර්ධනය සඳහා එවැනි ආයෝජකයින්ගේ සහ සංචාරකයින්ගේ දායකත්වය පිළිබඳවද විශේෂයෙන් සඳහන් කෙරිණ.

මෙම අවස්ථාවට   අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය ඇල්බර්ටෝ ආර්සිඩියාකෝනෝ ඇතුළු ශ්‍රී ලංකාවේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මින්  සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT