Home » රුපියල් කෝටි දෙකහමාරක අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකහමාරක අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by yasara
October 31, 2024 11:32 am 0 comment

රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මහ වමනය)  සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න මීගම  ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වැලිපැන්න, මීගම ප්‍රදේශයේ නිවස පරීක්ෂාකර තල්මහ වමනය කිලෝ දෙකයි ග්‍රැම් 300 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන  තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නඩු භාණ්ඩ සමග වැලිපැන්න පොලිසියට භාරදී තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT