Home » බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන උපාංග හා මත්ද්‍රව්‍ය හමුවෙයි

බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන උපාංග හා මත්ද්‍රව්‍ය හමුවෙයි

by yasara
October 31, 2024 11:08 am 0 comment

බූස්ස  අධි ආරක්ෂිත බන්ධනාගාර තුල කල හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල ප්‍රමාණයක් හා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගත් බව එම බලකාය ප්‍රකාශ කරයි.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා බුස්ස බන්ධනාගාර කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.එස්.පී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුල හදිසි සෝදීසි කිරීමක් කර අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

එහි දී ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ සමග හෙරොයින් ග්‍රැම් 03 මිලි ග්‍රැම් 150 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොල කැබලි සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT