Home » දුම්රිය ස්ථානා­ධි­පති වර්ජ­න­යෙන් මඟීහු දැඩි අප­හ­සු­තා­වට

දුම්රිය ස්ථානා­ධි­පති වර්ජ­න­යෙන් මඟීහු දැඩි අප­හ­සු­තා­වට

දෙපා­ර්ත­මේ­න්තු­වට දැඩි මුල්‍ය­මය අලා­බ­යක්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ සංග­මය ආරම්භ කළ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය හේතු­වෙන් සේවය නිම වී නිවෙස් බලා යෑමට පැමිණි මඟීන් ඊයේ (30) දැඩි අප­හ­සු­තා­වට  පත්වූහ. එම වෘත්තීය ක්‍රියා­මා­ර්ගය හේතු­වෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකි­රීම නිසා මඟින් ප්‍රවේශ පත්‍ර නොමැ­තිව ගමන් කළ අතර ඉන් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට විශාල මූල්‍ය­මය පාඩු­වක් සිදුව ඇති බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය නිසා දුම්රිය කිහි­ප­යක් ධාව­නය කිරීම අව­ලංගු කිරී­මට සිදුව ඇති අතර ඇතැම් දුම්රිය ධාව­නය කර ජන­තා­වට සිදු­වන අප­හ­සු­තාව වළක්වා ගැනී­මට පිය­වර ගත් බව එම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස් වීමේ කට­යුතු ප්‍රමා­ද­වීම හා දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ බඳවා ගැනීමේ පටි­පා­ටිය දිගින් දිග­ටම ප්‍රමාද වීම ඇතුළු  කරුණු කිහි­ප­යක් මුල් කර­ග­නි­මින් වෘත්තීය ක්‍රියා­මා­ර්ගය ආරම්භ කර තිබුණ ද,  අදාළ උස්ස­වීම් ලබා­දීම හා බඳවා ගැනීමේ පටි­පා­ටිය අනු­මත කර ගැනී­මට අවශ්‍ය පිය­වර මේ වන විටත් දෙපා­ර්ත­මේ­න්තුව විසින් ක්‍රියා­ත්මක කර ඇති බව වැඩ­බ­ලන දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී එස්.එස් මුද­ලිගේ මහතා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT