Monday, April 21, 2025
Home » ජන­වාරි සිට සැප්තැ­ම්බර් තෙක් කෝටි 348,400ක අප­න­යන ආදා­ය­මක්

ජන­වාරි සිට සැප්තැ­ම්බර් තෙක් කෝටි 348,400ක අප­න­යන ආදා­ය­මක්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

මේ වසරේ ජන­වාරි මාසයේ සිට සැප්තැ­ම්බර් මාසයේ අව­සා­නය දක්වා කාලය තුළ රුපි­යල් කෝටි 348,400 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 12,014) ක අප­න­යන ආදා­ය­මක් ළඟා කර ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

පසු­ගිය 2023 වසරේ මුල් මාස නව­යක කාල­යේදී ඩොලර් මිලි­යන 10,129 ක අප­න­යන ආදා­ය­මක් ශ්‍රී ලංකාව උපයා තිබෙන අතර මේ වසරේ දී එම අගය සිය­යට 5.69 කින් වර්ධ­නය වී තිබෙන බව ද එය කැපී පෙනෙන වර්ධ­න­යක් බව ද ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පව­සයි. ඒ අනුව මේ වසරේ ජන­වාරි මාසයේ සිට සැප්තැ­ම්බර් මාසය දක්වා කාල­යේදී ඩොලර් මිලි­යන 9,437ක වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­යන ආදා­ය­මක් ලැබී තිබෙන අතර සේවා අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 2,577ක් බව එම මණ්ඩ­ලය සඳ­හන් කරයි.

කෙසේ වුවද ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාව­කා­ලික දත්ත­ව­ලට අනුව, මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අප­න­යන කාර්ය සාධ­නය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 937.95ක් වූ අතර එය පසු­ගිය 2023 වසරේ සැප්තැ­ම්බර් මාස­යට සාපේ­ක්ෂව සිය­යට 3.49ක අඩු­වී­මක් වාර්තා කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT