මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළ රුපියල් කෝටි 348,400 (අමෙරිකානු ඩොලර් මිලියන 12,014) ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
පසුගිය 2023 වසරේ මුල් මාස නවයක කාලයේදී ඩොලර් මිලියන 10,129 ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබෙන අතර මේ වසරේ දී එම අගය සියයට 5.69 කින් වර්ධනය වී තිබෙන බව ද එය කැපී පෙනෙන වර්ධනයක් බව ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී ඩොලර් මිලියන 9,437ක වෙෙළඳ භාණ්ඩ අපනයන ආදායමක් ලැබී තිබෙන අතර සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 2,577ක් බව එම මණ්ඩලය සඳහන් කරයි.
කෙසේ වුවද ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය අමෙරිකානු ඩොලර් මිලියන 937.95ක් වූ අතර එය පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 3.49ක අඩුවීමක් වාර්තා කර තිබේ.