Home » ඩිජි­ටල් තිර භාවිත කර­මින් මැති­ව­රණ ප්‍රචා­රක වැඩ සපුරා තහ­නම්

ඩිජි­ටල් තිර භාවිත කර­මින් මැති­ව­රණ ප්‍රචා­රක වැඩ සපුරා තහ­නම්

මැති­ව­රණ කොමි­සම

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ඩිජි­ටල් තිර භාවිත කර­මින් මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සිදු­කි­රීම නීති විරෝධි බව මැති­ව­රණ කොමි­ෂන් සභාව කියයි. එවැනි ප්‍රචා­රණ කට­යු­ත්තක් සිදු­වන්නේ නම් ඒ පිළි­බ­ඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනු­ම්වත් කරන ලෙස මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා ඡන්ද දාය­ක­යන්ට දැනුම් දෙයි.

කුමන හෝ දිස්ත්‍රි­ක්ක­යක නග­ර­යක ඩිජි­ටල් තිර­යක යම් ආකා­ර­යක ප්‍රචා­රක කට­යු­ත්තක් සිදු­ක­රන්නේ නම් කරු­ණා­කර ළඟම තිබෙන පොලිස් ස්ථාන­යට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින මැති­ව­රණ කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඒ අනුව පොලි­සිය කට­යුතු කරනු ඇතැයි ද කීවේය.

මේක සම්පූර්ණ නීති­වි­රෝධී ක්‍රියා­වක්. මේක බල­හ­ත්කා­ර­යෙන් මිනි­සුන්ට ප්‍රචා­රය කිරී­මක්. මුදල් ගෙවා හෝ ප්‍රද­ර්ශ­නය කිරීම තහ­නම්. හේතුව ඒවා පොදු ස්ථාන­යක පෝස්ට­ර­යක් ප්‍රද­ර්ශ­නය කිරීම හා සමා­නයි. ඒ නිසා එය ප්‍රචා­රය කිරීම සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම්. ඩිජි­ටල් තිර මත දැන්වීම් යැවීම සම්පූ­ර්ණ­යෙන් නීති­වි­රෝ­ධීයි. මීට ඉහත පැවැත්වූ මැති­ව­ර­ණ­ය­කදී මේ සම්බන්ධ අධි­ක­රණ තීන්දු­වක් ගෙන තිබෙ­නවා. අපි ඒ අනුව අධි­ක­ර­ණ­යට යොමු කිරී­මට බලා­පො­රොත්තු වෙනවා යැයිද හෙතෙම සඳ­හන් කළේය.

අයුතු බල­පෑම් මඟින් ඡන්දය ලබා­ගැ­නී­මට යම් අපේ­ක්ෂ­ක­යකු කට­යුතු කරන්නේ නම් ඒ පිළි­බ­ඳව අදාළ දිස්ත්‍රි­ක්කයේ මැති­ව­රණ කාර්යා­ල­යට හෝ පොලිස් ස්ථාන­යට පැමි­ණිලි කරන ලෙස ද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ මහතා මේ බව කියා සිටියේ දින­මිණ කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT