32
අමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘Owl Festival’ ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගාවලිය ‘බකමූණා’ තේමාව යටතේ මෙවරත් පැවැත්වේ.
බකමූණා පක්ෂියා ළමා ඇසට පෙනෙන ආකාරය නිර්මාණාත්මකව සිතුවමට නැඟීම මින් අපේක්ෂා කෙරෙන අතර, වයස අවුරුදු 4 සිට 18 දක්වා වයස් කාණ්ඩ 4ක් යටතේ ලෝකවාසී ළමයින්ට මේ සඳහා සහභාගි විය හැකිය.
චිත්‍ර භාර ගන්නා අවසාන දිනය නොවැම්බර් මස 30දා වන අතර, චිත්‍ර, ශ්‍රී ලංකා ළමා චිත්‍ර කේන්ද්‍රය, නො: 98, උණවටුන, ගාල්ල ලිපිනයට යොමු කළ යුතුය. වැඩි විස්තර 071 9671515 අංකයෙන් ලබාගත හැකිය.