Home » හීලෑ අලි තිදෙනෙකු ගැන අධිකරණය දුන් නියෝගය

හීලෑ අලි තිදෙනෙකු ගැන අධිකරණය දුන් නියෝගය

by chanaka
October 31, 2024 11:09 am 0 comment

අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ,වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට ඊයේ (30) නියෝග කර තිබේ.

ඒ, පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටියදී මීට වසර 08කට පෙර (2016) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු සම්බන්ධයෙනි.

කළුතර, අවිස්සාවෙල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටි හීලෑ අලින් තිදෙනකු 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගන්නා ලද අලි තිදෙනා නැවත එම හිමිකරුවන් වෙත භාර කරන ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 23වන දින අධිකරණය මගින් නිකුක් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැහැර හැර ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

එම අලි තිදෙනා මේ වනවිට උඩවලව රඳවා තබා ඇති බව අධිකරණය මාර්ගයෙන් අනාවරණය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT